බන්ධනාගාරයට විසිකළ පාර්සලය

කළුතර බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය ඇතුළත් පාර්සලයක් විසිකළ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ ආරම්භකර තිබේ.

ඵම පුද්ගලයා පාර්සලය බන්ධනාගාරයේ D අංශය තුළට විසිකරන ආකාරය බන්ධනාගාරයේ CCTV  කැමරා පද්ධතියේ සටහන් වී ඇත.

එය නිරීක්ෂණයවිමත් සමඟම ක්ෂේත්‍ර සේවා හා අවි අංශයේ  නිලධාරීන් එම තහනමි ද්‍රව්‍ය ඇතුළත් පාර්සලය සොයාගෙන තිබේ.

එම පාර්සලය තුළ තිබී හෙරොයින් පැකටි 68ක්, මත් කරල් 13ක්, දුම්කොළ 10ක්, ජංගම දුරකථන 03ක්, සහ ජංගම දුරකථන චාජර් 02ක් හමු වී ඇත.

එම මත්ද්‍රව්‍ය සහ අනෙකුත් තහනම් ද්‍රව්‍ය ඉදිරි කටයුතු සඳහා කළුතර උතුර පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *