බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ සති දෙකක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) පෙරවරුවේ ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

ඔහුගේ පාදයේ ඇතිවු තුවාලයක් හේතුවෙන් පසුගිය සතියේ ශල්‍යකර්මයක් ද සිදුකෙරුණි.

මියයන විට 68 වන වියේ පසුවූ බන්දුල වර්ණකුල මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් ලකුණ ලැබූ සහ පළමු පන්දුව යැවූ ක්‍රීඩකයාද වේ.

1975 වසරේ සිට 1982 වසර දක්වා ක්‍රීඩාවේ නියැලුනු ඔහු අර්බුදකාරී දකුණු අප්‍රිකානූ තරඟ සංචාරයෙන් පසු තරඟ තහනමකට ලක්වුණි.

පසුව බන්දුල වර්ණකුල මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙසද, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිපාලන නිලධාරීයෙකු ලෙසද, ක්‍රිකට් ක්‍රීඩා විචාරකයෙකු ලෙසද කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *