බදුල්ල දිස්ත්‍රික්කයට අයත් පාසල් අද පෙ.ව 11ට නිවාඩු දෙන්නැයි දැනුම්දීමක්

බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව පිහිටා ඇති පාසල් අද (09) දිනයේ පෙරවරු 11 වන විට දරුවන් සහ ගුරුවරුන්ට නිවාඩු ලබාදී පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම්දීමක් සිදුකර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම අනාවැකි සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව මෙම පියවර ගත් බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *