Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

බදුල්ල, හාලි ඇල දැරියක් ගැබිනියක් කර සැඟව ගිය තරුණයා අත්අඩංගුවට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හාලිඇල පනාකන්නිය ප්‍රදේශයේ පදිංචි එම දැරියට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් බදුල්ල ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇය මාස 5ක ගැබිනියක් බවය.

ඒ අනුව ඇයගේ කුස තුළ නිවුන් දරුවන් පිළිසිඳගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

සිද්ධිය අනාවරණයවීමෙන් පසු සැඟව සිටි 21 හැවිරිදි තරුණයෙකුව හාලිඇල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

ඔබේ අදහස