බදියුදීන්

බදියුදීන් ගොනු කළ අභියාචනය පෙබරවාරි 03 වැනිදා විභාගයට

විල්පත්තු නඩුවේ තීන්දුවට එරෙහිව හිටපු අමාත්‍ය සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගොනු කළ අභියාචනය පෙබරවාරි 03 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

විල්පත්තු වන රක්ෂිතය අසල පිහිටි කළුරු රක්ෂිත වනාන්තරය එළිපෙහෙළි කර නිෂ්කාශිත ප්‍රදේශයේ ජනාවාස ඉදි කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවකට අදාළව අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවක් බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්ය රිෂාඩ් බදියුදීන් මහතා අභියාචනයක් ඉදිරිපත් කළේය.

මෙම අභියාචනය අද මුර්දු ප්‍රනාන්දු සහ එස්.තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

විල්පත්තු වන රක්ෂිතයේ කල්ලාරු සහ මරිච්චුකට්ටි වනාන්තර එළිපෙහෙළි කර අනවසර ඉදිකිරීම් සිදු කිරීමට එරෙහිව එවකට ඇමති රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය 2015 දී පෙත්සමක් ගොනු කර තිබු අතර පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය 2020 නොවැම්බර් 16 දින නිශ්කාෂණය කිරීම නීති විරෝධී බව තීන්දු කළ අතර එම ප් රදේශයේ නැවත ගස් සිටුවන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ගස් සිටුවීම සඳහා දරන වියදම් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ගෙවිය යුතු බව ද අභියාචනාධිකරණය සඳහන් කළේය.

එය නීති විරෝධී බව පවසමින් අභියාචනාධිකරණ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *