බදියුදීන්ගේ පවුලේ සේවයට ගෙන ආ දැරියන් ගැන පොලීසිය සොයා යයි

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී පිළිස්සීමට ලක්වී මියගිය 16 හැවිරිදි  ජූට් කුමාර් ඉෂාලිනි දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයට විශේෂ පොලිස් කණ්ඩායමක් ගොස් ඇත.

ඒ රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසට සහ පවුලේ අය සඳහා රැගෙනවිත් තිබූ අනෙකුත් දැරියන් සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමටය.

16 හැවිරිදි දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී රිෂාඩ් බදියුදීන් මහතාගේ පවුලේ අය සඳහා දැරියන් 11ක් පමණ මෙහෙකාර සේවයට රැගෙනවිත් ඇති බව අනාවරණය වී තිබුණි.

මීට වසර කිහිපයකට පෙර රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ, මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවන කාන්තාවකගෙන් සිදුකළ විමර්ශනවලදී ඇය දූෂණයට ලක්වී ඇති බවට ද අනාවරණය වී තිබුණි.

පසුව ඒ සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ සහෝදරයා සැකපිට අත්අඩංගුවට ගෙන පොලීසිය විමර්ශන ආරම්භ කළේය.

මේ අතර ඉෂාලිනිගේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ, ඇයගේ පියා සහ අදාළ දැරිය රැගෙනවිත් භාරදී ඇති තැරැව්කරු මේ වනවිට පොලීසිය භාරයේ පසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *