බදියුදීන්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ දැරියක් පිළිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ නිවස ඉදිරිපිට අද  විරෝධතාවයක් පැවැත්විණි.

එය සංවිධානය කර තිබුණේ නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ විසිනි.

මේ අතර දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණ විධිමත් කරන ලෙසට බලකරමින් ඇය පදිංචිව සිටි හැටන් ඩයගම ප්‍රදේශයේ වතු කිහිපයක වතු කම්කරුවන්ද උද්ඝෝෂණයක නිරත විණි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරියක් පිළිස්සුම් තුවාල සහිතව ජුලි 03 වනදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර ඇය ජුලි 16 වැනිදා ඇය මිය ගියාය.

පොලීසිය අනාවරණ කළේ, එම දැරියට දීර්ඝ කාලයක සිට ලිංගික ප්‍රවේශයක් සිදුව ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී ඇති බවය.

බොරැල්ල පොලීසිය දැරියගේ පිළිස්සීම සහ මරණය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කළ අතර ඊට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (19) කරුණු ඉදිරිපත් කළේය.

එහිදී පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සජින්ද්‍රා ජයසූරිය මහත්මිය, රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකුගේ දුරකථන විශ්ලේෂණ වාර්තා බොරැල්ල පොලිසියට ලබා දෙන ලෙස දුරකථන සමාගම් කිහිපයකට නියෝග කළාය.

එමෙන්ම අදාළ දැරිය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසට රැගෙන ආ බව කියන පුද්ගලයාගේ බැංකු ගිණුම් වාර්තා ද බොරැල්ල පොලිස් ස්ථානය වෙත ලබා දෙන ලෙස අදාළ රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු වෙත අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *