බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකට හානි…

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ තාර පාරේ නවතා තිබූ තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද අලුයම අනතුරකට ලක්විය.

මෙම ගුවන් යානය A330-300 එයාර් බස් එකක් බවට හඳුනාගෙන ඇති අතර එය අද කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වීමට සුදානම් වීමේදී මෙම අනතුරට ලක්ව ඇත.

මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බුල් සිට ශ්‍රී ලංකාවට භාණ්ඩ ප්‍රවාහනය කර ඇති අතර මෙට්‍රික් ටොන් 54 ක ඇඟලුම් භාණ්ඩ රැගෙන ඉස්තාන්බුල් වෙත ආපසු යාමට සූදානම්ව සිටියදී අවාසනාවන්ත අනතුරට මුහුණ පෑවේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ක්‍රියාකරුවන් විසින් පැටවීම සඳහා යානය අසල තබා තිබූ කන්ටේනර් කිහිපයක් ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශවල ඇති වූ තද සුළං හේතුවෙන් යානයේ ගැටී ඇති බව වාර්තා වේ.

මෙම කන්ටේනර් යානයේ 2 වැනි එන්ජිමේ ගැටී අලාභ හානි සිදුවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *