බංග්ලාදේශය ඉන්ධන මිල වාර්තාගත අගයකින් ඉහළ නංවයි.

බංග්ලාදේශයේ සිල්ලර ඉන්ධන මිල 1971 දී රට නිදහස ලැබීමෙන් පසු නොදුටු මට්ටමට ඉහළ නංවා ඇත.

සිකුරාදා රාත්‍රියේ බංග්ලාදේශ රජය සෙනසුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සියයට 51.7 කින් ඉහළ දැමූ බව ෂින්හුවා පුවත් ඒජන්සිය වාර්තා කරයි.

විදුලිබල, බලශක්ති සහ ඛනිජ සම්පත් අමාත්‍යාංශයේ මිල නිවේදනයකට අනුව, ඔක්ටේන් ලීටරයක මිල දැන් ටකා 135ක් (ඩොලර් 1.43) වන අතර එය පෙර පැවති ටකා 89ට වඩා සියයට 51.7ක ඉහළ අගයකි.

ඩීසල් සහ භූමිතෙල් ලීටරයක මිල ටකා 114 දක්වා සියයට 42.5 කින් ඉහළ දමා තිබේ.

එසේම, දැන් එක් පෙට්‍රල් ලීටරයක මිල ටකා 130 ක් වන අතර එය ටකා 44 කින් හෝ සියයට 51.1 කින් ඉහළ ගොස් ඇති බව නිවේදනයේ සඳහන් වේ.

රාජ්‍ය බෙදාහැරීමේ සමාගම්වලට සහනාධාර බර අඩු කිරීම සඳහා සිල්ලර මට්ටමේ නවතම මිල ඉහළ දැමීම් නොවැළැක්විය හැකි බව නිලධාරීහු පැවසූහ.

ඒ වගේම ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල බංග්ලාදේශයේ මිලට වඩා බොහෝ වැඩියි.

ප්‍රවීණයන් පැවසුවේ ඉන්ධන මිල ඉහළ දැමීම උද්ධමනය නරක අතට හැරෙනු ඇති අතර එය ජුනි මාසයේදී සියයට 7.56 දක්වා ඉහළ යනු ඇති අතර එය වසර නවයක පමණ ඉහළම අනුපාතයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *