පෞද්ගලික බස් වර්ජනය සතියකින් කල් යයි

ඉල්ලීම් කිහිපයකට රජයේ පාර්ශවයෙන් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා ඊයේ (8) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් රථ වැඩ වර්ජනය මුදල් හා ප‍්‍රාග්ධන රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සමඟ සිදුකළ සාකච්ඡාවෙන් පසු ලබන අඟහරුවාදා (15) තෙක් කල් දැමීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියි.

ගැමුණු විජේරත්න මහතා පවසා සිටින්නේ කොරෝනා තත්ත්වය හමුවේ බස් හිමියන් මුහුණදී සිටින ලීසිං පොලිය එකතු කිරීම, දක්‍ෂිණ අධිවේගී පිවිසුම් ගාස්තු ඉහළ දැමීම සහ පළාත් සභා වලින් සිදුකෙරෙන අසාධාරණකම්වලට එරෙහිව මෙම වැඩවර්ජනය සැලසුම් කර තිබූ බවයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ මෙම සතියක කාල සීමාව ඇතුළත තම ගැටලූවලට නිසි විසඳුම් නොලැබෙන්නේ නම් ලබන 15 වැනිදා වැඩවර්ජනය සිදුකිරීමට බස් සංගම් කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *