පෞද්ගලික අංශයට වැඩි කළ වැටුප දැන් අනිවාර්යෙන් ගෙවිය යුතුයි

පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම පාර්ලිමේන්තු  පණතක් ලෙස සම්මත කරන බැවින් සියලු ආයතන එම වැටුප් වැඩිවීම අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බව විදේශ කටයුතු ,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.

රජය අයවැයෙන්  වැඩි කරන ලද වැටුප යම් පෞද්ගලික ආයතනයක් මෙතෙක් ලබාදී නැතිනම් අප්‍රේල් මස සිට හිඟ මුදල් ද සමග දැන් ගෙවිය යුතුව ඇතැයිද අමාත්‍යවරයා කීය.

සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් සහ සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *