සමාගම්

පෝෂණයේ කඩා වැටීම මහ බැංකුව පිළිගනී

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ පෝෂණ තත්ත්වය අසතුටුදායක මෙන්ම දුර්වල වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන්වේ.

මෙම නිගමනයට පැමිණ ඇත්තේ මෑත කාලීන පෝෂණය දර්ශක පදනම් කරගෙනය.

මන්ද පෝෂණයේ ප්‍රතිවිපාක දිගු කාලීනවන අතර එමඟින් පරම්පරා ගණනාවක පිරිසක් දුර්වල ඵලදායීතාවයේ විෂම චක්‍රය තුළට කොටු කරමින් දරිද්‍රතාවයට පැමිණවිය හැකි බැවින් මේ සඳහා පුළුල් හා වඩාත් ඉලක්කගත උපායාමාර්ගයක් අත්‍යවශ්‍ය බව එම වාර්තාව යෝජනා කරයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  පවතින දුර්වලතා වඩාත් අර්බුදකාරී වෙමින් පවතින බවත් එමගින් එම ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව පිළිබඳ බරපතළ අවිනිශ්චිතතා ඉස්මතු කරන බවත් වාර්තාව සඳහන් කරයි.

ආර්ථික අර්බුදය හේතුවෙන් මහජන සෞඛ්‍ය අංශයේ සේවා සැපයීම දැඩි බලපෑමට ලක්ව ඇතැයි සඳහන් කරන වාර්තාව  නියාමන යාන්ත්‍රණයක් නොමැති වීම හේතුවෙන් ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව ගැටලු මෑත කාලයේ නිරන්තරව මතුවූ බවද  සඳහන් කරයි.

තවද සෞඛ්‍ය සේවා සැපයීමේදී දක්වන සැලකිලිමත් බව අඩුවීම වඩාත් ගැටලුකාරී තත්වයක් බවට පත්වෙමින් පවතින බව වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *