අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු ස්ථානාධිපතිවරුන් 25 දෙනෙකුට ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත එම ස්ථාන මාරු ලබා දී ඇත.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 16 දෙනකුට සහ පොලිස් පරීක්ෂකවරුන් 9 දෙනෙකුට එම ස්ථාන මාරු ලබා දී ඇත.
එම නිලධාරින් අතර ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිටි නිලධාරීන් 5 දෙනෙකු සාමාන්‍ය රාජකාරි වලට මාරු කර ඇත.
පොලිස් පරීක්ෂක තනතුරේ සිටි නිලධාරීන් කීප දෙනෙකුද පොලිස් ස්ථානාධිපති තනතුරට මාරු කර ඇත.


