පොලිස් නිලධාරීන් යැයි හඟවමින් කොල්ලකෑමේ යෙදෙන කල්ලි ගැන අවධානයෙන් පසුවන්න

විවිධ ආකාරයේ කොල්ලකරුවන් නිවෙස් හෝ ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණීමේ හැකියාවක් ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පොලිස් නිලධාරීන් එසේ පැමිණෙන්නේ නම් හුඳුනුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්, විශේෂ අවස්ථාවක් හැරුණුවිට අනෙක් සියලුම අවස්ථාවල පොලිස් නිලධාරීන් පොලිස් රථවලින් පැමිණෙන බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එමෙන්ම පොලිස් නිලධාරීන් යම් ස්ථාන පරීක්ෂා කිරීමක් සිදුකිරීමට පෙර නිසි හඳුන්වාදීමක් සිදුකරන බවත්, යම් අවස්ථාවක සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යැයි පැවසූවොත් ඔවුන්ගේ රාජකාරී හැඳුනුම්පත ඉල්ලා සිටීමේ අයිතිය ජනතාවට ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දන්වා සිටියි.

මේ ආකාරයෙන් පසුගිය 3 වැනිදා කොළඹ නොවිසඳුනු අපරාධ ඒකකයේ නිලධාරීන් ලෙස පවසමින්, විමර්ශන කටයුත්තක් සඳහා පැමිණියේ යැයි අගවමින් කටුගස්තොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසක් කොල්ලකා රුපියල් ලක්ෂ 5කට ආසන්න මුදලක් රැගෙන සැකකරුවන් 4 දෙනෙක් පළාගොස් තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙහිදී අනාවරණය කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *