පොල් ගස් කැපීමට එරෙහිව නව නීති හදුන්වාදීමට පියවර

පොල් නිෂ්පාදනය අඩුවීම හා පොල් මිල විශාල වශයෙන් ඉහළ යාම සැලකිල්ලට ගෙන අවසරයකින් තොරව පොල් ගස් කැපීම නතර කිරීමට අවශ්‍ය නව නීති රීති ඉදිරියේදී හදුන්වාදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පවසා සිටියේය.

“මෙරට පොල් සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේද වැඩි ඉල්ලුමක් තියෙන නිසා විශාල නිෂ්පාදනයක් රටේ සිදු කරන්න අවශ්‍යයි. පොල් ඉඩම් කට්ටි කිරීම අපි ටිකෙන් ටික සීමා කරමින් තිබෙනවා. දැනට තියෙන්නේ අක්කර 10කට වඩා වැඩි ඉඩමක් කොටස් වශයෙන් වෙන් කරනාව නම් අවසර ගන්න අවශ්‍යයි කියලා. එම ප්‍රමාණය ඉදිරියේදී හෙක්ටයාර් 1 දක්වා අඩු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *