පොල්තෙල් වෙනුවට සෝයා තෙල් ගන්න – වෙළඳ ඇමති

ආනයනික පොල්තෙල් තොගයක පිළිකා කාරක අඩංගු බවට අනාවරණය වී ඇති බැවින් පොල්තෙල් වලට වඩා තත්වයෙන් උසස් සෝයා තෙල් මිලදී ගන්නැයි වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මේ වනවිට සතොස අලෙවිසැල් හරහා තත්වයෙන් උසස් සේයා තෙල් ඉතා අඩු මිලට අලෙවි කෙරෙන බවයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ආනයනික පොල්තෙල් තොගයක පිළිකා කාරක අඩංගු බවට අනාවරණයත් වීමත් සමග පෙරේදා (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද ප්‍රකාශ කර සිටියේය.

“පොල්තෙල් වෙනුවට ආදේශකයක් ලෙස, දේශීය සෝයා වගාව ප්‍රචලිත කරලා, සෝයාවලින් හදපු ඉතාම පිරිසිදු තෙල් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා වෙළෙඳපොළේ පවතින ආනයනය කරන තෙල්වලට වඩා හොඳ සෝයා තෙල් අඩු මිලට ලංකාව පුරාම සතොස වෙළෙඳසැළ්වල මේ දිනවල අලෙවි කරනවා. අඩු මිලට අපේ රටේ සෝයා වවලා අපේ හදන තෙල්වලින් පොල්තෙල්වලට ආදේශකයක් ලෙස් ඒ සෝයාතෙල් අපි ඉදිරිපත් කරලා තියෙනවා වෙළෙඳපොළට”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *