පොල්තෙල් ආනයනය කරන ප්‍රධාන සමාගම් 4ක තෙල් සාම්පල් පරීක්ෂාවට

දිගු කලක් තිස්සේ මෙරටට තෙල් ආනයනය කරන ආයතන 4ක් වන අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, සේන මිල්ස් රිෆයිනරීස්, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් සහ කටාන රිෆයිනරීස් යන සමාගම්වල පොල් තෙල් නියැදි පරීක්ෂාවට ලක්වෙමින් පවතින බවත්, එම පරීක්ෂණ වල ප්‍රතිඵල දින කිහිපයක් ඇතුළත නිකුත් වනු ඇති බවටත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ප්‍රමිති ආයතනය සඳහන් කරන්නේ පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පරීක්ෂණ ඒකකය සමඟ එක්ව තත්ත්වය සුදුසු නම් පමණක් ආනයන තෙල් තොග නිදහස් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ශ්‍රී ලංකා රේගුවට දෙන බවයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිය නිවේදනය මගින් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ආනයනකරුවන් 4 දෙනකු විසින් මෙරටට ආනයනය කරන සෞඛ්‍යයට අහිත කර පොල්තෙල් විකිණීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අවසර දී ඇති බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉදිරිපත් කරන චෝදනා අසත්‍ය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *