පේසාලෙයි ප්‍රදේශයේ පිහිටි ධීවර වාඩි කිහිපයකට ගිනි තබයි.

මන්නාරම පේසාලෙයි ප්‍රදේශයේ පිහිටි ධීවර වාඩියකට 16 රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනිතබා පලායම හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න අලාභයක් විඳීමට අදාල ධීවරයින්ට සිදුව ඇතැයි පේසාලෙයි පොලීසිය පවසයි.

පේසාලෙයි ප්‍රදේශයේ පිහිටි අදාල ධීවර වාඩියට හදීසියේම පැමිණි නාදුනන පිරිසක ගිනිතබා පලා ගොස් ඇති අතර එම ගින්නෙන් ධීවර වාඩි 03 ක් සහ අලුත්ම බෝට්ටු එන්ජින් 03 ක් සම්පූරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවට ධීවරයින් පවසති.

එමෙන්ම ධීවරයින් විසින් අල්ලන ලද කකුලුවන් කිලෝ 500 ක් , ඉස්සන් කිලෝ 800 ක් , මාලු කිලෝ 100 කට අධික, දැල් ආම්පන්න රැසක්ද ගින්නෙන් සම්පූරණයෙන්ම විනාශ වී ඇත.

ධීවර වාඩිවලට ගිනිගැනීමට පෙරදී පේසාලෙයි ප්‍රදේශයේම ධීවරයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී අදාල ගැටුම පිළිබඳව පේසාලෙයි පොලීසියේද පැමිණිල්ලක් විභාග වෙමින් පවතින අතරවාරයේදී මෙලෙස ධීවර වාඩිවලට ගිනිතබා ඇති බවටද වාර්ථා වෙයි.

අදාල ගිනිතැබීමෙන් පසුව පීඩාවට පත් වූ ධීවරයින් විසින් මන්නාරම ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයටද පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර ගිනිතැබූ පුද්ගලයින් සොයා මේ වන විට පේසාලෙයි පොලීසිය සහ මන්නාරම් පොලීසිය විසින් පුලුල් පරික්ෂණයක් අරඹා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *