පේරාදෙණිය සරසවියේ පුස්තකාලයේ ඇති මහාවංශය ලෝක උරුමයක් ලෙස නම්කෙරේ

මහාවංශය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර තිබේ.

යුනෙස්කෝ සංවිධානයේ නියෝජිතයින් දිවයින පුරා ඇති පුස්කොළ පොත් පරීක්ෂා කර තිබෙන නමුත් ඒවායේ අඩුපාඩු තිබීම හේතුවෙන් එම පොත් ලෝක උරුමයක් ලෙසට නම් කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බවට තීරණය කර තිබේ.

ඒ අනුව, පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ තබා ඇති 13 වන සිය වසේ ලිය වූ බව සදහන් මහා වංශයේ සියලු කොටස් නිවරැදිව පැවතීම සැලකිල්ලට ගෙන මහා වංශය පුස්කොළ පොත ලෝක උරුමයක් ලෙස නම් කෙරෙනු ලබන බවයි එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතා සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *