පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිසුන්ට අර්ධකාලීන රැකියා හඳුන්වා දීමට පියවර ගනී.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිය සිසුන් සඳහා පුහුණුව සහ සේවා පළපුරුද්ද ලබාදීමේ අරමුණින් අර්ධකාලීන රැකියා වැඩසටහනක් හඳුන්වා දීමට සැලසුම් කර ඇත.

විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළම සිසුන්ට අර්ධකාලීන රැකියා අවස්ථා ලබාදීමට විශ්වවිද්‍යාලය සැලසුම් කර ඇති බව උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමවංශ මහතා පවසයි.

සැලසුම් අනුව, සිසුන් 300 කට පමණ අර්ධකාලීන රැකියා ලබා දෙනු ඇත. 2, 3 සහ 4 වසරවල සිසුන්ට ප්‍රමුඛත්වය දෙනු ලබන අතර අර්ධකාලීන රැකියා අවශ්‍ය 1 වන වසරේ සිසුන් සලකා බලනු ලැබේ.

මසකට පැය 15 සිට 20 දක්වා අර්ධකාලීන රැකියාවල නිරත වීමට සිසුන්ට අවසර ලබා දෙන බව මහාචාර්ය ළමාවංශ වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙවැනි අර්ධකාලීන රැකියා වැඩසටහනක් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙයයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *