පෙන්ටගනයට එල්ල වූ ප්‍රහාරය වලක්වා ගන්න ඇමෙරිකාවටත් බැරි වුණා – හිටපු ජනපති මෛත්‍රී කියයි

මහා ධන සම්පත් තිබෙන,තාක්ෂණයෙන් ඉහළම,ලෝකයේ බලවත්ම රටේ ආරක්ෂක මුලස්ථානය හෙවත් පෙන්ටගනයට සැප්තැම්බර් 11 එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වූ අතර බින් ලාඩන්ගේ ප්‍රහාරය ඊට සති දෙකකට කලින් ඇමරිකානු බුද්ධි අංශ විසින් දන්වා තිබූ නමුත් ප්‍රහාරය වළක්වා ගැනීමට ඇමරිකාවටත් බැරි වූ බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

එමෙන්ම ඉස්ලාම් ත්‍රස්තවාදය සමස්ත ලෝකයම මුහුණදෙන ප්‍රශ්නයක් බවත් එය මානව සමාජයට අභියෝගයක් බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි. අතුරුගිරිය ප්‍රදේශයේදී ඊයේ (06) පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු අවධාරණය කර ඇත්තේ රට, ජාතිය,භාෂාව,ආගම මේ බෞද්ධ සමාජය,බෞද්ධ රට ආරක්ෂා කර ගැනීම සඳහා සැමවිටම අපි දිවිහිමියෙන් අධිෂ්ඨානශීලීව කටයුතු කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *