පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමි රිමාන්ඩ්…

පසුගිය ජුලි මාසයේ කොළඹ පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) වාර්තා කිරීමෙන් අනතුරුව උන්වහන්සේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

මහජන උද්ඝෝෂණ අතරතුර කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඔහු 2022 අගෝස්තු 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *