පුනරින් ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අපනයන ගම්මානයක් ඉදි කිරීමට කටයුතු

පුනරින් ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අපනයන ගම්මානයක් ඉදිකිරීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

උතුරු පළාතේ ධීවර සම්පත් මෙන්ම අනිකුත් සම්පත් රටේ ආර්ථිකය සංවර්ධනයට යොදාගත යුතු බවත් ඒ සදහා මෙම පුදේශයේ රාජ්‍ය නිලධාරින් හා ජනතාව වගකීමෙන් ක්‍රියාකලයුතු බවත්, ධීවර කටයුතු පිළිබදව පැවති විශේෂ සාකච්ඡාවේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

මෙහිදි ධීවර සංගම් නියෝජිතයන් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ, ඉරණතිව් ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අපනයන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීම නිසා එම ප්‍රදේශයේ ධීවර ජනතාවගේ ආර්ථිකය ඉතා හොද මට්ටමකට පැමිණ ඇති අතර එවැනි ගම්මානයන් මෙම ප්‍රදේශයේ ඉදිකිරීමටද කටයුතු කරන ලෙස ය.

මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරින් හා ධීවර සංගම් නියෝජිතයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *