පිටින් එන්නත් කර ගැනීමේ සිද්ධියක් පුත්තලමෙන්

නියමිත එන්නත්කරණ ක්‍රමවේදයෙන් බැහැරව ඇතැම් දේශපාලඥයින්ගේ පෞද්ගලික කාර්යමණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ සිදුවීමක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ අදාළ සිදුවීම සහ වයඹ පළාත් තුළ සිදුකරන එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක්  සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *