පෑලියගොඩ දුම්රිය අනතුරකින් ඉංජිනේරුවෙකු මිය යයි

පෑලියගොඩ, වනවාසල දුම්රිය ස්ථානය ආසන්නයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් 55 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා වත්තල හුණුපිටිය කන්දගේ මාවතේ පදිංචිව සිටි ඉංජිනේරුවරයකු බවට හඳුනාගෙන ඇතැයි පෑලියගොඩ පොලිසිය කියයි. අනතුරින් පසු මෝටර් රථය ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී වත්තල දෙසට ධාවනය වූ මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ සියලු සංඥා ක්‍රියාත්මකව තිබූ බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *