පැහැරගත් ලංගම රියදුරා ඔරුගොඩවත්තේ

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක සිටියදී පිරිසක් විසින් පැහැරගෙන ගිය මගියා එම පිරිසෙන් මිදී යළි ගම්පොළ පොලීසිය වෙත පැමිණ තිබේ.

ඔහු පොලීසියට පවසා ඇත්තේ පෞරාණික කඩුවක් සම්බන්ධයෙන් විමසමින් අදාළ පිරිස තමාව කොළඹට පැහැරගෙන ආ බවය.

මාවෙල සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් හඹා ආ වෑන් රථයක් මඟ අවහිර කොට නවත්වා එහි සිව්දෙනෙක් බස් රථයට ගොඩ වී එහි සිටි මගියෙක්ට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

අවසානයේ පිහි ප්‍රහාරවලින් තුවාල ලැබූ මගියාව වෑන් රථයට දමාගෙන පැහැර ගෙන යාමටද අදාළ පිරිස කටයුතු කර තිබුණි.

පැහැර ගැනීමට ලක්වුණේ ගම්පොළ ඩිපෝවේ රියදුරෙකු වන 46 හැවිරිදි හේමන්ත රාජපක්ෂ යන පුද්ගලයෙකි.

ඔහු සිය රැකියාව සඳහා පිටත්ව යන අතරතුරදී මෙම සිද්ධියට මුහුණ පා තිබුණි.

එම පුද්ගලයා පොලීසියට පවසා ඇත්තේ, තමාව කොළඹ ඔරුගොඩවත්ත ප්‍රදේශයට වෑන් රථයෙන් රැගෙන ගිය අතර එහිදී තමා සතුව තිබූ කඩුවක් පිළිබඳව එම පිරිස විමසූ බවය.

පොලීසිය දැනට අනාවරණය කරගෙන ඇත්තේ පැහැර ගැනීමට පැමිණි පිරිස අතර කාන්තාවක්ද සිට ඇති බවය.

අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා ගම්පොළ ශික්ෂණ රෝහල වෙත ඊයේ රාත්‍රීයේම ඇතුළත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *