පාස්පෝට් 180ක් මහරගම කාණුවක

මහරගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයකට විවිධ පුද්ගලයන් භාරදුන් විදෙස් ගමන්බලපත්‍ර 180ක් බෑගයක දමා කාණුවකට විසිකර තිබියදී සොයාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය මේ වන විට වසා දමා ඇති අදාල විදේශ රැකියා ආයතනයෙන් විදේශගතවීම සඳහා දුන් ගමන් බලපත්‍ර මෙසේ කාණුවට දමා ඇති බව මූලික පරීක්‍ෂණවලදී හෙළි වූ බවත් අදාල විදේශ රැකියා ආයතනයේ හිමිකරු විදේශ රැකියා දෙන බව පවසමින් රුපියල් කෝටි 25 කට අධික මුදලක් වංචා කර ඇතැයි තොරතුරු ලැබී ඇති බවත් එම නිලධාරියා කීය.

එම විදේශ රැකියා ආයතනයේ හිමිකරු මේ වන විට විදේශ රටකට පළාගොස් ඇතැයි තොරතුරු ලැබී ඇති බව කී එම උසස් පොලිස් නිලධාරියා කාණුවේ තිබී සොයාගත් විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව පරීක්‍ෂණක් ආරම්භ කර ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *