පාස්කු විවාදය ඇරැඹෙයි

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධාරණය සහ යුක්තිය පමා කරමින් සිටින බව සමගි ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාස්කු  ප්‍රහාරය පිළිබඳ තෙදින පාර්ලිමේන්තු විවාදය අරඹමින් නිරෝෂන් පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.

පාස්කු මහ මොලකරු කවුදැයි දන්නා බව මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා  මාධ්‍යයට කිව්වත් ඔහුගේ ප්‍රකාශය ගැන ගන්නා ලද පියවර ගැන ජනතාවට අනාවරණය වී නැතැයි මන්ත්‍රීවරයා කීය.

මේ සම්බන්ධයෙන් චෝදනා ලැබූ නිලධාරීන් ලොකු පුටුවල තබා තිබෙන්නේ ඔවුන් කට ඇරියොත් මේ පිටුපස සිටි දේශපාලන අධිකාරිය හෙළිවේයිදැයි  බියෙන් දැයි නිරෝෂන් පෙරේරා මහතා ප්‍රශ්න කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *