හුදකලා

ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන රාත්‍රී 9.30 න් පසුව කාලය තුළත් මාර්ග කීපයක් වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළ සිට කොළඹ දක්වා වූ අධිවේගී මාර්ගය, ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල, ඩී.එස්. සේනානායක මාවත, විදුලි සංඥා මංසන්ධිය, හෝටන් පෙදෙස, ග්‍රීන්පාත්, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම, සෙන් ඇන්තනීස් පාර, ගාලු පාර, ගාලු මුවදොර, ලෝටස් පාර පස්වරු 2.00 ත් – 3.00 ත් අතර කාලයේ වසා තැබෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

කොළඹ අධිවේගී මාර්ගයේ ප්‍රභූවරයා ගමන් කරන අවස්ථාවේදී දෙපසටම වාහන ගමන් කිරීමට අවසර නොදෙන බවද තල්දූව මහතා කීය.

එමෙන්ම ඉරාන ජනාධිපතිවරයා ගමන් රාත්‍රී 9.30 න් පසුව  කොටුව සිට කොල්ලුපිටිය දක්වා ගාලු පාරද, ධර්මපාල මාවත, ග්‍රීන්පාත්, හෝටන් පෙදෙස හරහා බේස්ලයින් මාර්ගය ද, බොරැල්ල, දෙමටගොඩ, ඔරුගොඩවත්ත දෙස සිට අධිවේගී මාර්ගය දක්වාත් පෑලියගොඩ සිට කටුනායක දක්වා අධිවේගී මාර්ගයත් ප්‍රභූවරයා ගමන් කරන කාලසීමාව තුළ වසා තබන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *