පාස්කු ප්‍රහාරයේ වාර්තාව අසම්පූර්ණ එකක්, ප්‍රහාරයෙන් වාසි ගත්තේ මහින්ද, ගෝඨාභය ඇතුළු කණ්ඩායමයි

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මගින් ප‍්‍රහාරයට සම්බන්ධ පිරිස් හෙළි නොකිරීම සැකයට තුඩු දෙන කරුණක් වන බැවින් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා වැඩි දුරටත් මෙසේ පවසා සිටියේය.

අපි මේ කොමිසමෙන් බලාපොරොත්තු වුණේ මේ ප්‍රහාරය කවුද කලේ කියලා ජනතාවට හෙළි කරන්නයි, ඒ අයට දඩුවම් කරන්නයි. මේ ප්‍රහාරයෙන් බරපතල හානියක් වුණේ සමගි ජනබලවේගයටයි, එක්සත් ජාතික පක්ෂයටයි. මේක වාසියක් කරගත්තේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණයි. මේ වනවිට කොමිෂන් වාර්තාවෙන් පෙන්වලා දීලා තියෙන්නේ එක පැත්තක් විතරක් ඉන්න අය වැරදිකාරයෝ හැටියටයි. මේක සැලසුම් කලේ කවුද, මෙහෙයවූයේ කවුද, නායකත්වය ගත්තේ කවුද, මහ මොළකරු කවුද, ඒ සමගම මේක වලක්වා ගන්න කටයුතු නොකලේ කවුද කියන එක හෙළි කළ යුතුයි. දැන් වැරදිකාරයෝ කරලා තියෙන්නේ මේක වලක්වා ගන්න කටයුතු නොකරපු අයට විතරයි. ඇයි ආණ්ඩුව මේක හංගන්නේ. වාසිය ගත්ත කට්ටිය මේ තොරතුරු හංගන්නේ මේ පසුපස රහසක් තියෙනවාදැයි ජනතාව සැක කරනවා. ඒ නිසා මේ වාර්තාව අසම්පූර්ණ එකක්”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *