පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස කාදිනල් හිමිපාණෝ UNHC වෙතින් ඉල්ලීමක් කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සහතික කිරීම සඳහා සහාය දෙන ලෙස කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කළා.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී අදහස් දක්වමින් කාදිනල් රංජිත් හිමිපාණෝ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වැදගත් තොරතුරු රැස්කිරීමට ශ්‍රී ලංකාවට සහාය දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියහ.

“භයානක ප්‍රහාරයෙන් වසර තුනක් ගතවී ඇතත් එදින ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව කිසිදු දැනුමක් නොමැතිව අපි තවමත් අඳුරේ සිටිමු. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වඩාත් වැදගත් තොරතුරු රැස්කිරීමට සහ සහතික කිරීමට ශ්‍රී ලංකාවට සහාය දෙන ලෙස අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිමු. අපක්ෂපාතී පරීක්ෂණයක්,” කාදිනල්තුමා පැවසීය.

“ආණ්ඩුව ඔවුන්ට යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වීම නිසා ප්‍රහාරවලින් පීඩාවට පත් වූවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත,” ඔහු වැඩිදුරටත් පැවසීය.

“අපි මුලින් හිතුවේ මේක ඉස්ලාම් තරුණයින් කිහිප දෙනෙකුගේ වැඩක් කියලා, නමුත් අපි දැන් සැක කරන්නේ එය මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් කියලා,” ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *