පාසල් 10ක් හෙට ජාතික පාසල් ලෙස උසස් කෙරේ

දිවයිනේ ජාතික පාසල් සංඛ්‍යාව 495 දක්වා ඉහළ නැංවීමට අදාළව ජාතික පාසල් දහසක් වැඩසටහන යටතේ තවත් පාසල් දහයක් හෙට ජාතික පාසල් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

හෙටට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යය සහ තේජස පිළිබඳ දැක්ම’ යන තේමාව යටතේ එම පාසල් දහය ජාතික පාසල් ලෙස ප්‍රකාශයට පත් කරන බව ඔවුහු පැවසූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාව හෙට අරලියගහ මන්දිරයේදී  Zoom Technology හරහා සිදු කෙරේ.

ඒ අනුව පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා විද්‍යාලය, බෙලිඅත්ත – යශෝදරා බාලිකා විද්‍යාලය, බිබිල – දේවි බාලිකා මහා විද්‍යාලය, දොම්පේ – මහමුද් කාන්තා විද්‍යාලය, කල්මුණේ – විද්‍යාර්ථ විද්‍යාලය, කැකිරාව – ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය, කෑගල්ල – ශාන්ත ගේබ්‍රියල්ස් බාලිකා විද්‍යාලය – මෙත්හඩ් ගේබ්‍රියල්ස් බාලිකා විද්‍යාලය, උසස් පාසල, පේදුරුතුඩුව – බෞද්ධ බාලිකා විද්‍යාලය – දංකොටුව සහ වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලය හෙට ජාතික පාසල් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *