පාරිභෝගික අධිකාරියේ පනතේ වැඩි මිලට සහන් විකුණන්නන්ට එරෙහි දඩය රුපියල් ලක්ෂයක් කළ යුතුයි

පාරිභෝගික අධිකාරියේ පනත වෙනස් කරන ලෙස තමා කැබිනට් මණ්ඩලයට යෝජනා කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙසේ අදහස් පළකලේය.

“පාරිභෝගික අධිකාරියේ තිබෙන පනතේ හැටියට සහල් වැඩි මිලට වික්කොත් දඩය ගහන්නේ රුපියල් දෙදහස් පන්සීයයි. වී මෝල් හිමියා දඩයට අමතරව පෙරකදෝරුවාගේ 2500ත් ගෙවනවා. මේ පනත් වෙනස්විය යුතුයි.

සහල් වැඩි මිලට විකුණනවා නම් දින 14ක් බන්ධනාගාර ගත කළ යුතුයි. එහෙම නැත්නම් රුපියල් පනස් දහසක හෝ ලක්ෂයක දඩයක් නියම කළ යුතුයි. දැන් නිකුත් කරන 2500 ක දඩය මහා පරිමාණ වී මෝල් හිමියන්ට දැනෙන්නේවත් නෑ. පිටකොටුවේ විතරක් එක දවසට රුපියල් ලක්ෂ 200ක සහල් විකුණනවා. පනත වෙනස් කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියත් දැනුවත් කරනවා.”

මහින්දානන්ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ ලබන අප්‍රේල් මස 05 වැනිදා සිට නාඩු සහල් කිලෝවක් සතොස සහ සමුපකාර සමිති හරහා රුපියල් 97 කට ලබාදීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *