පාර්ලිමේන්තු ක්‍රමය ගැන ’’පැෆරල්’’ දැනුවත් කරයි

නිදහස් සහ සාධාරණ මැතිවරණයන් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වයේ (PAFFREL) කාන්තා නායිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

“දේශපාලනයේ කාන්තා නියෝජනය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය” යන මැයෙන් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මෙහි මුඛ්‍ය දේශනය ඉදිරිපත් කළේය.

මෙහිදී PAFFREL සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ පාර්ලිමේන්තු ක්‍රමවේදය සම්බන්ධයෙන් දැනගැනීමට සුදුසුම කණ්ඩායම සමග සම්බන්ධ වීමට ලැබීම සතුටක් බවයි. එසේම පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම සම්බන්ධයෙන් හෙට්ටිආරච්චි මහතා ස්තූතිය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *