Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පාර්ලිමේන්තුව හෑල්ලු කිරීමක් ගැන කතෝලික සභාවෙන් අවධාරණයක්

NEGOMBO, SRI LANKA - APRIL 21 : Officials inspect the damaged St. Sebastian's Church after multiple explosions targeting churches and hotels across Sri Lanka on April 21, 2019 in Negombo, north of Colombo, Sri Lanka. At least 207 people were killed and hundreds of others wounded in multiple blasts that hit eight different locations -- including churches where Christians were marking Easter Sunday -- and 5-star hotels in commercial capital Colombo. (Photo by Chamila Karunarathne/Anadolu Agency/Getty Images)
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සඳහා එම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවන් යොදා ගැනීමෙන් සිදු වන්නේ, පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කිරීමක් බව ශ්‍රී ලංකා කතෝලික සභාව අවධාරණය කරයි.

කොළඹ දී  කතෝලික සභාව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් සිරිල් ගාමිණී පියතුමන් ඒ බව සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ හමුවක් ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට පොලිස්පතිවරයා ද එක් ව සිටියේය.

එම අවස්ථාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරීන් ද කැඳවා තිබූ අතර, එම සාකච්ඡාව අද ශ්‍රී ලංකා කතෝලික සභාවේ විවේචනයට ලක් විය.

මේ අතර, පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය දැනගැනීමට නම් ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවක් පවතින බව  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ.

ඔබේ අදහස