පාර්ලිමේන්තුව තුළ හකීම් මාස්ක් නොදැමීම කනගාටුවට කරුණක් – ලක්‍ෂ්මන් කිරිඇල්ල

රටට නීති හදන පාර්ලිමේන්තුව තුළ රවුෆ් හකීම් මන්තී‍්‍රවරයා මාස්ක් නොපැළඳමින් පාර්ලිමේන්තුව තුළ හැසිරී ඇති ආකාරය කනගාටුදායක බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි. ඒ මහතා පවසන්නේ ඔහුව දකින බොහෝ අවස්ථාවල මුඛ ආවරණ නොපැළද සිටි බවත්, වගකීම් විරහිතව ඔහු හැසුරුණු ආකාරය ලැජ්ජාසහගත බවයි.

රවුෆ් හකීම් මන්තී‍්‍රවරයාගේ පාර්ලිමේන්තු ආශි‍්‍රතයන් අතර විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතාද සිටින අතර ඔහු පී.සී.ආර්. පරීක්ෂණ කළ යුතු ආශ්‍රීතයන් අතරටද ඇතුළත්. කෙසේ වෙතත් කිරිඇල්ල මහතා පවසා සිටින්නේ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරු කිහිප දෙනකු 20 වැනි සංශෝධනයට ඡන්දය දුන් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට රවුෆ් හකීම් මන්තී‍්‍රවරයා සමග වචනයක්වත් කතාකර නෙැමැති බවයි.

කෙසේ වෙතත් තමන් ඊයේ (11) පී.සී.ආර්. පරීක්‍ෂණයක් සිදු කළ බවත් එහි වාර්තාව ලැබුණු විගස එය කථානායකවරයාට ලැබෙන්නට සලස්වන බවත් කිරිඇල්ල මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *