පාර්ලිමේන්තුව අසල ඇති වූ නොසන්සුන්තාව අතරතුර විරෝධතාකරුවන් විසින් සොල්දාදුවෙකුගෙන් ටී 56 ගිනි අවියක් සහ මැගසින් සොරකම් කරයි.

ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තුව ආසන්නයේ ඇති වූ නොසන්සුන්තාවකදී හමුදා සෙබළෙකු සතුව තිබූ ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 60ක් අඩංගු මැගසින් දෙකක් විරෝධතාකරුවන් විසින් සොරකම් කර ඇති බව පොලිසිය පවසයි.

ඊයේ සවස පාර්ලිමේන්තුව අසල පොල්දූව හන්දියේදී විරෝධතාකරුවන් කථානායක නිවසට සහ පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයෙන් වැල්ලවාය ප්‍රදේශයේ කඳවුරකට අනුයුක්තව සේවය කළ යුද හමුදා සෙබළා ද තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඔවුන් සඳහන් කළේය.

සොරාගත් ගිනි අවිය සහ පතොරම් සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. වැලිකඩ සහ බොරැල්ල පොලිස් ස්ථාන පරීක්ෂණ පවත්වයි.

පොලීසිය පැවසුවේ, විරෝධතාකරුවන් පාලනය කිරීමට යාමේදී පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇති බව ය.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අයෙක් වන අතර ඔහු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර, පාර්ලිමේන්තුව අසල ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 42 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *