පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍ය උපදෙස් හා රෙගුලාසි මත සිදු කරනවා – පාර්ලිමේන්තු මහ ලේකම්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට කොවිඩ් වෛරසය අසාදනය වී ඇති වී ඇත් බවට තහවුරු වීමත් සමගම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් හා සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධමිමික දසනායක මහතා නිවේදනය කර සිටියි.

අදාළ උපදෙස් මත කෝවිඩ් 19 ආසාධිත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටී සහ ගමන් ගත් ස්ථාන සියල්ල මේ වනවිට විෂබීජානුහරණයට ලක් කර අවසන් බවත් දසනායක මහතා පවසා සිටී. එමෙන්ම අහඹු ලෙස තෝරා ගනිමින්
පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය සදහා පී.සී.ආර්. පරීක්ෂණ පවත්වන බවත්, ඉදිරි දින කිහිපය තුළදී කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පාර්ලිමේන්තු සංකීර්ණය තුළදීම පී.සී.ආර්. පරීක්ෂණයන්ට ලක් කිරීමට සෞඛ්‍ය අංශ සමග කටයුතු යොදා තිබෙන බවද ඒ මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඉතා දැඩි ලෙස සෞඛ්‍ය රෙගුලාසි පවත්වාගෙන යමින් රාජකාරි කටයුතු සිදු කරන බවත් ඔවුන් ඉදිරියටත් එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සූදානමින් සිටින බවත් දසනායක මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *