පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වය: කමිටුව බදාදා රැස්වෙයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා සහ රෝහණ බණ්ඩාර අතර ඇති වූ උණුසුම් තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පත් කළ කමිටුව 25 බදාදා පෙරවරු 11.00 ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වීමට නියමිත බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.

මූලික පරීක්ෂණ ආරම්භ කරන බවත් අදාළ සීසීටීවී දර්ශන විමර්ශනය ද එදින සිදු කරන බවත් ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ හිටපු කථානායක චමල් රාජපක්ෂ, ඉමිතියාස් බාකීර් මාකර්, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *