පාර්ලිමේන්තුවට ගෙනඑන පනත් කෙටුම්පත ගැන පැහැදිලි කරයි

විදුලි සංදේශ නියාමන පනත් සංශෝධන කෙටුම්පත අද(10) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ජාතික සයිබර් ආරක්ෂණ පනත ද මැයි මාසයේදී කෙටුම්පත් කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *