තීරු බදු බලපත්‍ර මත වාහන ගෙන්වීමේදී රේගු වංචාවක් ?

සුඛෝපභෝගී වර්ගයේ වාහන 1,728ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බරපතළ රේගු වංචාවක් සිදුවී ඇති ආකාරයක් පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබේ.

ඒ, 2011 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ රජයේ නිලධාරින් වෙනුවෙන් නිකුත් කරන ලද තීරු බදු සහන බලපත්‍ර යටතේ ගෙන්වූ වාහන සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකා රේගුව විසින් සිදු කරනු ලබන අදාළ විමර්ශනය අභියෝගයට ලක් කරමින් පුද්ගලික සමාගමක් විසින් ගොනු කළ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ එකඟත්වය සහිතව අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙම තීන්දුව ලබාදුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *