පාකිස්තානයේ පිපිරීමකින් විශාල පිරිසක් මරුට

පාකිස්තානයේ කරිච්චි නුවර බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ අපදද්‍රව්‍ය කාණුවක ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදුවන්නට ඇති බවට සැකකරන බවය.

පිපිරීමෙන් මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පාකිස්තානු බළධාරීන් පවසයි.

අනතුරින් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවූ පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *