දර්ගා නගරයේ දුම්රිය අනතුර – දරුවෙක් මරුට

අළුත්ගම දුම්රිය ස්ථානය අසලදී ඊයේ (18) උදෑසන ගාල්ල සිට ගල්කිස්ස දක්වා ධාවනය වු දුම්රියක ගැටුණු කුඩා දරුවෙකු මියගොස් තිබේ.

මිය ගොස් ඇත්තේ අවුරුදු 9ක් වයසැති කෙලින් වීදිය, දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.

මෘත ශරීරය කළුතර, නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

අළුත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *