ප්‍රේම සම්බන්ධ ආරවුලක් මත තරුණයෙක් පුද්ගලයාගේ ගෙල කපා මරා දමයි

කඩවත ප්‍රදේශයේදී ප්‍රේම සම්බන්ධයක් මත ඇති වූ ආරවුලක් මත තවත් තරුණයෙකුගේ ගෙල කපා ඝාතනය කළ 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඩවත ඇන්ඩෲස් පටුමග ප්‍රදේශයේ කුලී නිවසකදී සැකකරු විසින් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ගෙල වීදුරුවකින් කපා ඝාතනය කර ඇති බවට කඩවත පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ කඩවත, ගෝනහේන ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්.

ප්‍රේම සබඳතාවක් මත ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *