ප්‍රේමලාල් මන්ත්‍රීවරයාගේ නඩුවේ තීන්දුව මාර්තු මාසයේදී

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට එරෙහිව පවරා ඇති ඝාතන නඩුවේ තීන්දුව රත්නපුර මහාධිකරණය විසින් 2022 මාර්තු 31 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ජයසේකර මන්ත්‍රීවරයා විසින් ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම තීරණය අද ප්‍රකාශයට පත් කෙරුණා.

මෙම නඩුවට අදාළව තමාට පනවා ඇති මරණීය දණ්ඩනය සහ සියලු චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස මන්ත්‍රීවරයා සිය පෙත්සමෙන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

මරණීය දණ්ඩනය නියම වූ තවත් තිදෙනෙකු සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

2015 වසරේ කහවත්ත ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත රත්නපුර මහාධිකරණය විසින් 2020 ජූලි මාසයේදී ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *