ප්‍රතිශක්ති එන්නත් සේම කොවිඩ් එන්නතත් නොමිලේම දෙනවා

නොමිලයේ ප්‍රතිශක්ති එන්නත් දෙනවා සේම කොවිඩ් එන්නත ද රජය විසින් ජනතාවට නොමිලයේ ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ඉදිරි දින කිහිපය ඇතුළත ලංකාවට හිමි වනු ඇති බවත්, එම එන්නත් ලැබුණු වහාම එන්නත්කරණය ආරම්භ කිරීම සඳහා කටයුතු සූදානම් කරන බවත් රාජ්‍ය ඇමැතිවරිය පකාශ කර සිටියි.

මාත්‍රා ලක්ෂ 6කට ආසන්න එන්නත් ප්‍රමාණය මෙම ලංකාවට ලැබීමට නියමිත බවත්, කොවිඩ් මර්දන මෙහෙයුම්වල ඉදිරිපෙළ කටයුතු කරන පිරිසට පළමුව එන්නත් ලබාදෙමින් පළවෙනි වටයේ එන්නත්කරණයෙන් පසු සති 3කින් දෙවන මාත්‍රාව එන්නත් කිරීමට කටයුතු කරන බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එතුමිය මෙම අදහස් පළ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *