ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 06ක් අද සිට තහනම්

ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 06ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය තහනම් කිරීමට අද (31) සිට පරිසර අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසන්නේ මෙම තීරණයත් සමගම එක්වරක් පමණක් භාවිතා කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල් (PolyEthylene Terepthalate), මයික්රෝණ 20ට අඩු ලන්ච් ෂීට්, සැෂේ පැකට් (ආහාර හා ඖෂධ නොවන) , කොට්න් බඩ් (වෛද්‍ය කටයුතු සඳහා යොදා නොගන්නා) , හා සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩද මෙයට අයත් වන බවයි.

මීට අදාළ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර ඇතැයිද ඇමැතිවරයා පවසයි.

කෙසේ වෙතත් සමාගම් කිහිපයක් විසින් කරන ලද ඉල්ලීම් සලකා බලමින් මේ වනවිට නිපදවා අවසන් කර ඇති ඇති අදාළ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා පමණක් මාස තුනක් වැනි කෙටි කාලයක් ලබා දෙනු ලැබේ. එමෙන්ම මෙම නිෂ්පාදන අපනයනය සඳහා කිසිදු බාධාවක් පනවා නොමැති බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *