ප්‍රීමා සමාගම ඊයේ සිට තිරිඟු පිටි මිල රුපියල් 5 කින් වැඩි කරයි

ප්‍රවාහන වියදම් ඉහළ යාම හේතුවෙන් ඊයේ (29) සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ නංවන බව ප්‍රීමා සමාගම නිවේදනය කර තිබේ.

ඒ අනුව, ප්‍රීමා මිල්ක් සන්නාමයේ පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5 කින් වැඩි කර ඇති අතර, එමඟින් නව සිල්ලර මිල රුපියල් 220 සිට රුපියල් 225 දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රවාහන වියදම් වැඩිවීම හේතුවෙන් මෙම සංශෝධනය සිදු කර ඇති බව සමාගම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *