ප්‍රසන්න රණතුංගට වසර 2ක අත්හිටවූ සිරදඬුවමක්

නීතිපතිවරයා විසින් ගොනු කරන ලද නඩුවකට අදාළව කොළඹ මහාධිකරණය විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට වසර 5කට අත්හිටවූ වසර දෙකක සිර දඬුවමක් අද නියම කළේය.

රුපියල් මිලියන 25ක දඩ මුදලක් ගෙවන ලෙසට ද නියෝග කෙරුණා.

ඒ, 2015 වසරේ මුදල් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන්.

අමාත්‍ය රණතුංගගේ බිරිඳ වන මොරීන් රණතුංග සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළාය. රණතුංග අමාත්‍යවරයා 13 වැනි චෝදනාවට වැරදිකරු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *