ප්‍රමාණවත් නොවන ඩීසල් සැපයුම දිගු විදුලි කප්පාදුවලට හේතු විය හැකි බව ලංවිම පවසයි.

අද මධ්‍යම රාත්‍රී 12.00 ට අක්‍රිය වන නොරොච්චෝලේ බලාගාරයේ පද්ධතිය නඩත්තු කිරීමට අමතර ඩීසල් තොගයක් ලබා නොදුනහොත් පැය හතරක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව ලංවිම ඉංජිනේරු සංගමයේ ලේකම් එරංග කුඩාහේවා මහතා පවසයි.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ මෙහෙයුම් නඩත්තු කටයුතු සඳහා දින 70ක කාලයක් වසා තැබේ.

නොරොච්චෝලේ බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270ක දායකත්වයක් සපයයි. රට තුළ පවතින ඩීසල් හිඟය සහ වර්ෂාපතනය අඩුවීම හේතුවෙන් විදුලි උත්පාදනයට දැඩි බාධා එල්ල වී තිබේ.

හෙට සහ ඉරිදා විදුලි කප්පාදුවේ වෙනසක් සිදු නොවුණත් ලබන සතියේ සිට එය දීර්ඝ කිරීමට සිදු විය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද ප්‍රකාශ කළා.

විදුලි කප්පාදු කාලසටහන් පිළිබඳ තීරණය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සපයනු ලබන ඉන්ධන ප්‍රමාණය අනුව විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට තීරණය කරන බව PUCSL පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *